පළමු ගණනය කිරිමේ දී අනුර,සජිත්, රනිල් ගත්ත සමස්ත ඡන්ද සංඛ්‍යා මෙන්න.. දෙවෙනි ගණනයත් වහා ඇරඹෙයි..

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sajith Premadasa Election Latest Headlines
By krishani Sep 22, 2024 11:18 AM GMT
krishani

krishani

Report

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේ කටයුතු අවසන් වී තිබෙනවා.

ඒ අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් වේ.

එමෙන්ම, දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් ක් වේ.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767ක් වේ.

මේ අතර, පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැත.

ඒ හේතුවෙන් දෙවැනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේ ය.

ReeCha