සිදුවීමට ගිය බිහිසුණු දුම්රිය අනතුරක් නුලෙන් වළක්වා ගනී .. ගමනාගමනය පවා සීමා කෙරු පදිංචිකරුවන්ගේ ක්‍රියාකලාපය..

By Piyumika Nov 27, 2024 05:16 AM GMT
Report

හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසළ කන්දක් කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත්  සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පවසයි.

ප්‍රධාන බස් නැවතුම්පොළක් අසල කාණුවකින් අභිරහස් ලෙස මිය ගිය කාන්තා සිරුරක්.. (PHOTO)

ප්‍රධාන බස් නැවතුම්පොළක් අසල කාණුවකින් අභිරහස් ලෙස මිය ගිය කාන්තා සිරුරක්.. (PHOTO)

හැටන් වටරවුම් මාර්ගයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහළින් අක්‍රමවත් ආකාරයෙන් දිනපතා විශාල වශයෙන් කැලි කසළ බැහැර කරන බවත්, පවතින අධික වර්ෂාවත් සමග එම කසළ කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවත් සඳහන්.

දුම්රිය මාර්ග සංචාරක මුරකරු කසළ කන්ද කඩා වැටෙනයුරු දැක ඒ පිළිබඳ ව තම කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රියක් නතර කර දුම්රිය මාර්ගයට වැටී තිබු කසළ කන්ද කපා ඉවත් කිරීමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කළ බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.

විකල්ප මාර්ග භාවිතා කරන්නයි රියදුරන්ට හදිසි දැනුම්දීමක්..

විකල්ප මාර්ග භාවිතා කරන්නයි රියදුරන්ට හදිසි දැනුම්දීමක්..

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන දුම්රියන් සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

You may like this video