විකල්ප මාර්ග භාවිතා කරන්නයි රියදුරන්ට හදිසි දැනුම්දීමක්..
Sri Lanka Police
Jaffna
Sri Lanka
Floods In Sri Lanka
By Piyumika
යාපනය A-9 ප්රධාන මාර්ගය, ඕමන්තේ ප්රදේශයෙන් ජලයෙන් යට වී තිබේ.
මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකිය.
ඔලුවිල් - කලිඔඩේ ප්රදේශයේ පාලමක් ගිලා බැසීම නිසා අක්කරෙයිපත්තු - කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ .
මේ අතර, ගසක් කඩා වැටීමෙන් කොළඹ - අනුරාධපුර මාර්ගයේ පුත්තලම - සිරම්බිඅඩිය ප්රදේශයෙන් අවහිර වී තිබෙනවා.එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු ආරම්බ කර ඇති බවයි වාර්තා වනුයේ.
You may like this video