අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදුගේ ඡන්දය ප්‍රතික්ෂේප කෙරේ...

Election Commission of Sri Lanka Sri Lanka Death Election
By Parami Dissanayake Sep 18, 2024 05:47 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසා සිටිනවා.

ඡන්දපොළට නොයෑම බලවත් අත්වැරැද්දක්...

ඡන්දපොළට නොයෑම බලවත් අත්වැරැද්දක්...

එමෙන් ම, අයිඩෘස් මොහමදු ඉල්යාස් මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට කොමිසම විසින් දැනුම් දී ඇත.

නමුත්, එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

මැතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්...

මැතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්...

ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස්ගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු බව සලකන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.