ජනපති ජපන් ගියේ රන්වලගේ උපාධි සහතිකය ගේන්න - උදය ගම්මන්පිල
ජපන් රජයේ ආරාධනාවකට අනුව මේවන විට ජපානයේ නිල සංචාරයක නිරත වන අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා කරුණු කීපයක් සඳහන් කර තිබේ.
එහිදී ඔහු ප්‍රකාශ කළේ ජපානයේ ඇත්තේ තාවකාලික ආණ්ඩුවක් බවත්, ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය සිදුකළේ එරට රජය සමඟ සාකච්ඡා කිරීමට නොව, ජපානයේ සිටින සිය පාක්ෂිකයින් හමුවීමට බවත්ය.
ජනාධිපතිවරයා ජපානයේ සංචාරයේ නිරතවීමට තවත් හේතුවක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ උපාධි සහතිකය සොයා ගැනීමට බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.