පික්පොකට් ගහන හැටි ජනපති කියා දෙයි..

Ranil Wickremesinghe Sri Lanka Tourism President of Sri lanka Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 11, 2024 08:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, සංචාරකයින් මහනුවරට පැමිණි පසු දින තුනක් නවතා ගැනීමට ඔවුන්ට නොදැනීම පික්පොකට් වැඩපිළිවෙලක් සකස් කර ගත යුතු බවයි.

අද (10) ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම් නියෝජිතයන් සමඟ හමුවකට මහනුවරදී එක් වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ

“මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප ජපානය සමඟ සාකඡා කර තිබෙනවා. මහනුවර කේන්ද්‍රස්ථානය කර ගනිමින් මධ්‍යම පළාතේ ආර්ථිකය ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අඩුම තරමින් සංචාරකයෙක් රාත්‍රි 03ක් වත් මහනුවර ගත කරන අන්දමින් එම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සකස් කළ යුතුය .

එහිදී ප්‍රධාන හෝටල් කිහිපයක්ම මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමෙන් පසු මෙම ප්‍රදේශය විශාල දියුණුවක් ඇතිවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ පිහිටි උඩවත්ත කැලේ සංචාරක ආකර්ශණයට ලක් කළ යුතුයි. බෞද්ධ ශිෂ්ඨාචාරය කේන්ද්‍රයක් ද මේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

සෑම බෞද්ධ රටකම තිබෙන විහාරස්ථාන එම ආකෘතියට අනුව එහි ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ වගේම නුවරඑළිය දියුණු කිරීම වෙනුවෙන්ද නව වැඩසටහන් රැසක් අප සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන් සමඟ මධ්‍යම පළාත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම මහනුවර තාක්ෂණය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැඟීමට ද අප අපේක්ෂා කරනවා.

තවද නව විශ්වවිද්‍යාල කිහිපයක් මේ පළාතට ලැබෙනු ඇතියි. එසේම මධ්‍යම පළාත තුළ පුළුල් කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන ආර්ථිකයකට මේ පළාත සූදානම් කළ යුතුයි. මහනුවර මෙරට ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද කිවයුතුයි. ඒ සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ද මම බලාපොරොත්තු වෙනවා “ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ReeCha