මම කිසිවක් සගවන්නේ නෑ.. මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
srilanka
Central.bank
By Sithumi
තමා කිසිදෙයක් නොසඟවන බවත් ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එම තනතුර බාරගැනීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමෙන් මෙම අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබෙන බවය.
"මහ භාණ්ඩාගාරයටත් හොඳ නිලධාරියෙක් ප්‍රධානියා විදියට පත්වෙලා තිබෙනවා. අපි හොඳ එකඟතාවයකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා."
මෙරට මූල්‍ය පද්ධතියේ ඇති අසමතුලිතතාවය මග හැරවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩිකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය බව ආචාර්ය වීරසිංහ මහතා පැවසීය. ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් ඉහළ යයි.
මෙය මෙරට එම පොලී අනුපාතික එකවර මෙවැනි වැඩි අගයකින් ඉහළ දැමූ පළමු අවස්ථාව බව ආචාර්ය වීරසිංහ පැවසීය.