පොහොට්ටු මන්ත්‍රීවරුන් 92 කට වෙන්න යන දේ..සියල්ල යළි නාමල් ලඟට එයි?..

Namal Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Sri Lanka Presidential Election 2024
By Aruna Aug 17, 2024 07:26 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදනෙකු(92) පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

ඒ, ඔවුන් විසින් පක්ෂ තීරණයට පටහැනිව ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය පළ කිරීම හේතුවෙන්.

මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද පක්ෂයේ මහලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කළා.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.


මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ලිපි යොමු කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විනය පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නියතමිත බවයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් ඉවත් කර දිස්ත‍්‍රික් මනාප ලැයිස්තුවල ඊළඟට සිටින අපේක්‍ෂකයන් මන්ත‍්‍රීවරුන් ලෙස නම් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක් වූ මන්ත‍්‍රී කණ්ඩායම මුදල් ඉල්ලමින් දැඩි බලපෑම් කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවල යෙදීම සඳහා අවශ්‍ය වියදම් යැයි කියමිනි.

ඔවුන් ජනාධිපති මන්දිරයේත්, ජනාධිපති ලේකම් කාර්යාලය මෙන්ම මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ කාර්යාලටද නිතර යමින් එම ඉල්ලීම් කරමින් සිටින බවයි පැවසෙන්නේ.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ මැතිවරණය මෙහෙයුම් කණ්ඩායම්වලටද දිගින් දිගටම මුදල් ඉල්ලීම් ඉල්ලා බලපෑම් කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.


කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඔවුන්ට මේ වන විටත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබාදී නැති අතර ඊට හේතු වී ඇත්තේ මෙම පිරිසේ අරමුණු වී ඇත්තේ ජනාධිපතිවරණයට මුදල් වියදම් කිරීම නොව ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එකතු මුදල් එකතු කර ගැනීම බවට ඇති වී තිබෙන සැකයයි.

නමුත් මෙම පිරිස ලවා ජනාධිපතිවරණය මෙහෙයවා ගැනීමටත් අවශ්‍ය නිසා කිසියම් හෝ මුදල් ප්‍රමාණයක් ලබාදීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

ReeCha