සියලු ගර්භණී මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්..
කොරෝනා ආසාදිත සෑම ගර්භණී මවක්ම රෝහල් ගත කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර තිබෙනවා.
එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ ඉදිරියේදී ගර්භණී මව්වරුන් නිවෙස් ගත ප්‍රතිකාර සේවාවාට යොමු නොකරන බවයි.
ගර්භණී මව්වරුන් 8500 දෙනෙකුට පමණ මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කළා.
ඇය කියා සිටියේ එම පිරිස අතරින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ගර්භණී මව්වරුන් අතරින් 95%ක්ම පමණ කොරෝනා එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව සඳහන් කළ ඇය කියා සිටියේ මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන ගර්භණී මව්වරුන් සංඛ්‍යාව පහත වැටී ඇති බවයි.
මේ අතර, මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 117,587 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා. එහිදී පුද්ගලයින් 12,995ක් පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 104,592 ක් දෙවැනි මාත්‍රාවත් ලබා ගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඒ අනුව මෙරට ජනගහනයෙන් 68% ක් කොරෝනා එන්නතක එක් මාත්‍රාවක් හෝ මේ වනවිට ලබාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි.
මේ අතර, දැනට පවතින පළාත් අතර සංචරණ සීමා හේතුවෙන් ඇතැම් බස් රථ සේවකයින් මගීන්ගෙන් වැඩි මුදලක් අයකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.
මේ අතර, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 18,166 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එය මාස 7 කින් අවම දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාවයි.
එමෙන්ම, ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 214 ක් ඉන්දියාවෙන් වාර්තා වුණා. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන්කෝටි තිස්නව ලක්ෂ 53,000 ඉක්මවුව ද, මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව තුන්කෝටි තිස්දෙලක්ෂ 72,000 කට ආසන්නයි.
මේ නිසා එරට සක්‍රිය ආසාදිත සංඛ්‍යාව වන්නේ දෙලක්ෂ 31,000 ක් පමණයි.
එය දින 208 කින් අඩුම අගය බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ අතර, සේවා ස්ථානවල කොරෝනා එන්නත්කරණ බලපත්‍රය අනිවාර්ය කිරීමට එරෙහිව ඉතාලියේ රෝම නගරයේ ඊයේ පැවති විරෝධතාවකට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කොරෝනා නිරෝධායන නීති ලිහිල් කිරීමත් සමඟ ඉතාලියේ කෞතුකාගාර, ක්‍රීඩා උත්සව සහ අවන්හල්වලට ඇතුළුවීම සඳහා එන්නත් බලපත්‍රය අනිවාර්ය කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේ සිටයි.
එය ලබන 15 වැනිදා සිට සියලුම සේවා ස්ථානවලට බලපවත්වන පරිදි දිගු කිරීමට අගමැති මාරියෝ ඩ්‍රාගි තීරණය කළා. ඊට අනුකූලතාව නොදක්වන කාර්ය මණ්ඩලවල සේවය වැටුප් රහිතව අත්හිටුවීමටද අවසර ලබාදී තිබෙනවා.
ඊට එරෙහිවයි ඉතාලියේ දක්ෂිණාංශික කණ්ඩායම් ඊයේ මෙම විරෝධතාවයේ නිරත වූයේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |