ජීවිත දැඩි අවදානමක..ගැබිණි මව්වරුන් හදිසියේම පාරට බසී..හේතුව මෙන්න..

By Sewvandhi Sep 04, 2024 09:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (04) නායයාමේ අවදානමකට ලක්ව ඇති නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනයවන ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කඩිනමින් වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් එම කාර්යාලයේ සායන කටයුතු සදහා පැමිණ සිටි මව්වරුන් විරෝධතාවයක නිරතවී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් , කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලාඔයට යාබදව පිහිටි ලිදුල ප්‍රාදේශිය රෝහල සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය 2010 වසරේ සිට නායයාමේ දැඩි අවදානමකට ලක්ව ඇති නිසා එම ගොඩනැගිලිවලින් ඉවත්වන ලෙස එම ආයතන ප්‍රධානින්ව ලිඛිතව දැනුවත් කර ඇතැයි පැවසේ.

එම කාර්යාලයේ සේවය කරන නිලධාරින් කියා සිටියේ, පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගොඩනැගිල්ල ගිලා බැසිමේ අවදානමකට ලක්ව ඇති අතර, එම ගොඩනැගිල්ලට ඉහලින් පිහිටි ගල් කිහිපයක් කාර්යාලයට පෙරලී ඇති බවයි.

හැමෝම කතාකරන සනත් නිශාන්තගේ බිරිද ජනාධිපතිවරණයට කරන්න යන දේ මෙන්න.. නොහිතපු දෙයක් වෙන්න යයි.

හැමෝම කතාකරන සනත් නිශාන්තගේ බිරිද ජනාධිපතිවරණයට කරන්න යන දේ මෙන්න.. නොහිතපු දෙයක් වෙන්න යයි.

විරෝධතාවයේ නියැලි සිටි මව්වරුන් පවසා ඇත්තේ, ලිදුල, ආගරපතන, ඩයගම, තලවකැලේ යන පොලිස් බල ප්‍රදේශ හතරට අයත් තේ වතු 45ක 85,000ක පමණ පිරිසක් පදිංචිව සිටින බවත්, එම පිරිසට සෞඛ්‍ය කටයුතු සදහා පිවිසීමට ඇති ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බවයි.

එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු නිලධාරින් 45 දෙනෙකු සේවය කරන බවත්, සායන කටයුතු පැවැත්වෙන දිනයන්හි කුඩා සිගිත්තන් සමග මව්වරුන් විශාල පිරිසක් එම කාර්යාලයට පැමිණෙන බවත්, ඔවුන් පවසනවා.

ඒ අනුව, පවත්නා තත්ත්වය මත එම ගොඩනැගිල්ල තුළ සායන කටයුතු සිදු කිරීම දැඩි අවධානම් බවයි එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෙසු නිලධාරින් කියා සිටින්නේ.

මෙම කාර්යාලය සුදුසු ඉඩමක අලුතින් ස්ථාපනය කරන තෙක් එම කාර්යාලය තාවකාලිකව පවත්වාගෙන යාමට රජයේ හෝ පෞද්ගලික අංශයේ ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස එහි නිලධාරීන් ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ, එම කාර්යාලය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරිම සදහා රජයේ හෝ පෞද්ගලික අංශයේ ගොඩනැගිල්ලක් හදුනාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ReeCha