‘‘ගර්භණීන්ට එන්නත් දීම පැහැර ඇරලා‘‘
corona virus
Covid 19
Sri lanka
By Sithumi
ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම නිලධාරීන් පැහැර හැර ඇති හෙයින් අවදානම් සහගත ගර්භනී මාතාවන් දැඩි අනතුරකට මුහුණ පා ඇතැයි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.
අවදානම් සහගත ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර එහි වගකීම යම් පිරිසකට පැවරූ නමුත් එය මේ වන විට නිසි පරිදි සිදු නොවන බව ද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රවෘත් සාකච්ඡාවකදී පසුගිය දා පැවැසීය.
අවදානම් සහගත තත්ත්වයේ පසුවන ගර්භණී මාතාවන් ලබන අගෝස්තු මාසයේ මැද සතියෙන් පසුව කොරෝනා ආසාදිතව මිය ගියහොත් එහි සම්පූර්ණ වගකීම එන්නත් වැඩසටහන පැහැර හැර සිටින නිලධාරීන් බාරගත යුතු බව ද එහිදි හෙතෙම කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |