මොකක්ද මේ ජනපති කියන උතුරට ගේන්න යන නව ආර්ථික සැලැස්ම..
රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය සහ සංස්කෘතිය බවත්, වැටී ඇති රට ගොඩනැඟීමට අලුත් බලාපොරොත්තුවකින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සිංහල දෙමළ නායක සුසංයෝගකින් රට වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඉන්දීය රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කළ “සංස්කෘතික මහමැදුර” විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින්. 75 වන නිදහස් සංවත්සරය කොළඹ පමණක් නොව යාපනයේදීත් සැමරීමට තීරණය කළ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවේ.
මේ අතර උතුරු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ විද්වතුන් පිරිසක් සමඟ ජනාධිපතිවරයා යාපනයේදී සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ සංහිදියාවෙන් පමණක් ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවයි.
රටේ ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීම මත බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.