හෙට සිට විදුලි කැපෙන්නෙ මෙහෙමයි..

Sri Lanka Electric Power cut
By Aruna Feb 15, 2022 01:24 AM GMT
Aruna

Aruna

Report

ලංවිම – උපයෝගිතා කොමිසමට යෝජනා කරයි එළැඹෙන බදාදා (හෙට) සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු දිවයින පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14 වැනිදා) සවස දැනුම් දී ඇත.

මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ඩී.සී. ආර්. අබේසේකර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් විය.

ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය අවමවීම සහ ඉන්ධන අවම වීම නිසා මෙවැනි ගැටලුවක් නිර්මාණය වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now