3වැනි විවාහය තමයි සාර්ථක වුණේ මගේ කසාද ගාණ ගැන මිනිස්සු කියන ඒවා මට වැඩක් නෑ - පේශල සමග විවාහ වුනු පූර්ණික කිව්ව කතාව (PHOTOS/VIDEO)

srilanka gossip peshala manoj Poornika pieris poornika pieris ex husband
By Sithumi Feb 26, 2022 06:04 PM GMT
Sithumi

Sithumi

Report

පූර්ණිකා පීරිස් කියලා කියන්නේ දෙරණ නාලිකාවේ ඉන්න අති දක්ෂ නිවේදන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇයගේ සොයුරිය වන චතුරිකා පිරිස් රංගන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ජනප්‍රිය චරිතයක් වෙනවා.

පූර්ණිකා ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරන්නට පටන් ගත්තේ ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ වාදන ශිල්පියෙක් වන පේෂල මනෝජ් සමග විවාහ වීමත් සමගයි. මේ වන විට ඔවුන් දෙපළට පුංචි පුතෙක් ද සිටිනවා. පූර්ණිකා පේෂල සමග විවාහ වන්නෙ තුන්වෙනි විවාහය විදිහටයි.

ඒ නිසාම තමයි ගොඩක් දෙනෙක් ඔවුන් පිළිබඳව කතා කරන්නට පටන් ගත්තේ. ඉතිං ඇය එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ගැන රසික රසිකාවන්ට කිව්වේ මෙන්න මේ විදියට. “දෙරණ නාලිකාවේ ඉන්න හැම නිවේදක නිවේදිකාවක් ම ඉන්නේ එකම පවුලක් වගේ.

පේෂලත් දෙරණ නාලිකාවේ ඉන්න නිවේදකයෙක්. අනිත් අයත් එක්ක ගොඩක් කිට්ටුවෙන් හිටියත් පේෂලව මට මුණ ගැහෙන්නේ අවුරුදු වැඩ සටහන් වැඩසටහන් කරනකොට හරි මොකක් හරි විශේෂ දෙයක් කරනකොටයි විතරයි. අවුරුද්දකට වරක් දෙවරක් වගේ තමයි ඔහුත් සමග වැඩ කරන්න වෙන්නේ.

ටික දිනකින් පේෂලගේ විශේෂත්වයක් තියෙනවා කියලා මට දැණුනා. ඒත් මම ඒකට ලොකු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. මොකද ඒකට හේතුව මම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා. වගේම මට තිබ්බ ප්‍රශ්නත් ගොඩක් සංකීර්ණ නිසා. පේෂල ගොඩක් දේවල් ගණන් ගන්න චරිතයක් නෙවෙයි. ඒ වගේ චරිතයක් එක්ක මට ජීවිතය පටන් ගන්න බැහැ.මොකද මට ජීවිතේ වැරදුණු තැන් වැඩි නිසා. මට මගේ ජීවිතේ ගැන ප්‍රශ්න තිබුණේ නැහැ.

කනින් කොනින් මට වුන දේවල් ඇහෙද්දි පේෂල හිතන්න ඇති මට වැරදුනා කියලා. එයා කාලයක් තිස්සේ මගෙත් එක්ක යාලුවෙක් වගේ ඉඳලා අපේ අම්මලගෙන් හිමීට මම ගැන ඇහුවා. ඊට පස්සේ තමයි ඉතින් අපි දෙන්නා විවාහ වුණේ. සහන්ට කලින් මං විවාහයක් ගිවිසගෙන හිටියත් විවාහයකට අවතීර්ණ වෙන්න කාලයක් නොලැබුනේ සහන් සමග මගේ සම්බන්ධයක් තිබුණු නිසා. මේක මගේ තුන්වෙනි විවාහය තමා එක දැන් අති සාර්ථකයි.

කොහොම උනත් මම පේෂලට කලින් එකට පවුල් කාපු ජීවිතයක් තිබුණා. ඒකනේ මට ආදිත්‍ය පුතා ඉන්නේ. ඊට එහා මගේ කසාද ගාණ ගැන මිනිස්සු කියන ඒවා මම ගණන් ගන්නේ නැහැ. මමත් එක්ක ජීවත් වෙන කෙනා මම ගැන දැනගන්න එක ඇති කියලයි මම හිතන්නේ.

මොකද ඔය එක එක කතා කියන මනුස්සයන්ගේ ජීවිතවල ආපස්සට හැරිලා බැලුවම විවාහ සහතික නැති වුණාට ඕනතරම් ලිවින් ටුගෙදර් සම්බන්ධ, ප්‍රේම සම්බන්ධ තිබිලා ඇති. ඒ නිසා මම කාත් එක්කවත් අනවශ්‍ය විදියට ගැටෙන්න මට වෙලාවක් නෑ. අද වෙනකොට මම සාර්ථකයි. පුතාව හොඳ පාසලකට දාලා එයාට උගන්වනවා. ආදරණීය සැමියෙක් ලැබිලා ඉන්නවා

. ඉතිං තවත් මොනවද.” මේ විදියට තමයි ඇය එහිදී පවසා තිබුණේ. ඉතින් ඔවුන් දෙදෙනාට හැමදාම මේ වගේ සතුටින් ජීවිතය ගත කරන්නට ලැබේවායි කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery