අදික වර්ශාව නිසා පොලොන්නරුවේ සිදු කල දේ
By Sithumi
මාස 1 කට පෙර
පොළොන්නරුවට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අනුව අද (05) සවස 3 වන විට පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 2 බැගින් විවෘත කිරීමට කටයුතු කළ බවයි පොළොන්නරුව කලාපය බාර වාරිමාර්ග කාර්යාලය පවසනන්නේ. පරාක්‍රම සමුද්‍රයෙන් තත්ත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් අඹන් ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැර ඇති බවයි වාර්ථා වන්නේ.
පත්බිම්වල ජීවත් වන්නන් විමසිල්මත්ව කටයුතු කරන ලෙස පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව, පිඹුරත්තෑව ජලාශය ද වාන් දැමීමට පටන්ගෙන ඇති බවද වාර්ථා වනවා.
