ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කරන ලද දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ නැහැ

Politics
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Report

නිල නාමය යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මැතිවරණ කොමිශන් සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් ලෙස බැවින් ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණය වූ බව ඔහු සඳහන් කළේය. එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණය වී තිබේ.