පොලීසියට යන්න ඉන්න ආසාවෙන් බලන් ඉන්න ඔයාට සුබ පණිවිඩයක්
ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු යන නිලයන් සඳහා නව බඳවාගැනීම්වලට අදාළව ප්‍රථම සම්මුඛ පරික්ෂණ පසුගිය 07 වෙනිදායින් ආරම්භ කර ඇත
පොලිසිය නිවේදනය කරන්නේ එය ලබන මස 18 වෙනිදා දක්වා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඩෞබිගින් ක්‍රීඩා මණ්ඩපයේදී පවත්වාගෙන යන බවයි.
මෙම තනතුරු සඳහා මුළු දිවයිනම ආවරණය කරමින් නවක නිලධරයින් 7500කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
අදාළ නිලයන් සඳහා සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබන මස 08 දිනයට ප්‍රථම යොමු කිරීමේ හැකියාව ඇත.
පසුගිය 07 වෙනිදා සිට මේ දක්වා පොලිස් සේවයට එක්වීමේ අභිලාශයෙන් දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් තරුණ තරුණියන් 5000කට අධික පිරිසකගේ අයදුම්පත්‍ර ශ්‍රී ලංකා පොලිස් ආධුනිකයන්ගේ බඳවාගැනීමේ කොට්ඨාසය වෙත මේ වනවිට ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය තව දුරටත් ප්‍රකාශ කර තිබේ .