නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර 2026 ඉන්දිය ප්‍රිමියර් ලීග්  තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය විරෝධතා නොමැති සහතිකය  නිකුත් නොකිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ.

“ඡන්දය පැවැත්වීමට ප්‍රතිපාදන නැහැ” – පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි

“ඡන්දය පැවැත්වීමට ප්‍රතිපාදන නැහැ” – පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි

ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇති අතර, තමන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සම්පූර්ණ කැමැත්තෙන් සිටින බවද එම ලිපියෙහි දක්වා තිබේ.

නුවන් තුෂාර මීට පෙර කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින්, තමන්ට ඉන්දිය ප්‍රිමියර් ලීග් 2026 සඳහා සහභාගී වීමට අවශ්‍ය විරෝධතා නොමැති සහතිකය නිකුත් කරන ලෙස අනිවාර්ය අතුරු නියෝගයක් ඉල්ලා සිටියේය.

ඔහු යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් නොවීම හේතුවෙන් ආයතනය විරෝධතා නොමැති සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම ලිපිය යොමු කිරීම සමග නුවන් තුෂාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වූ මතභේදයට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත

විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක් - මාර්තු මාසයේ මහපොළ වාරිකය අද ගිණුම් වෙත