පාකිස්තාන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයකින් ඊශ්‍රායලය කුපිත වෙයි

Report

ඊශ්‍රායලය කලාපයේ පිළිකාවක් බවත්, දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක් බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් 'X' සටහනක් තබමින් පවසා තිබේ.

ලෝකයේම අවධානය යොමුව තිබෙන අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා හෙට (11) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට සූදානම් වන අතරවාරයේ ඔහු මේ බව පැවසීම සුවිශේෂීය.

‘Rebuilding Sri Lanka’ අරමුදලට නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

"දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක්. ඉස්ලාමාබාද් නුවරදී සාම සාකච්ඡා පැවැත්වෙද්දී, ලෙබනනයේ සමූල ඝාතනයක් සිදුවෙනවා. අහිංසක සිවිල් වැසියන් ඊශ්‍රායලය අතින් මරුමුවට පත්වෙනවා.

මුලින්ම ගාසා තීරය, පසුව ඉරානය. දැන් ලෙබනනය. ලේ වැගිරීම්වල අඩුවක් නෑ. පිළිකාවක් බඳුයි මේ රාජ්‍යය. පලස්තීන භූමිය තුළ බිහිකළ යුරෝපීය යුදෙව්වන්, අපායේ ගින්නෙන් දැවී යනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා, යාච්ඥා කරනවා"යනුවෙන් ඔහු එහි සඳහන්කර තිබේ.

කෙසේ වෙතත් සාම සාකච්ඡා අබිමුව එහි මැදිහත්කාර පාර්ශ්වය මෙබඳු සටහනක් තැබීම ඊශ්‍රායලයේ දැඩි විරෝධයට ලක්ව ඇත. යුදෙව් රාජ්‍යය පිළිකාවක් යැයි කළ යුදෙව් විරෝධී ප්‍රකාශය තුළින්, එය මුළුමනින්ම වැනසිය යුතු බවක් ගම්‍ය වන බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

ඊශ්‍රායල අගමැති කාර්යාලය මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් 'X' සටහනකින් දන්වා සිටියේ, මෙය කිසිදු රජයකින්, විශේෂයෙන් සාමය සඳහා මධ්‍යස්ථ බේරුම්කරුවෙකු යැයි කියා ගන්නා රජයකින් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් බවය.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ මෙම ප්‍රතිචාර 'X' සටහනෙන් පසු පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සිය සටහන මකා දමා ඇත.

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්