පොලිසියේ ඇතුළෙම හිටපු පොලිස් හොරා, රු 100ක් පර්ස් එකෙන් උස්සන්න ගිහින් මාට්ටු

Report

පොලිස් සීසීටීවී කොට්ඨාසයේ නිලධාරීන්ගේ පසුම්බිවලින් සහ බෑග්වලින් විටින් විට මුදල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියැදුරකු නිලධාරියකුගේ මුදල් පසුම්බියකින් රුපියල් 100 ක මුදලක් සොරකම් කරන විට දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කොට්ඨාසයටම අනුයුක්ත පොලිස් කොස්තාපල් රියැදුරකු බව පොලිසිය ප්‍රකාශ කරයි.

වාර්තා වූ ආකාරයට කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසයේ සේවය කරනු ලබන නිලධාරීන්ගේ මුදල් පසුම්බිවලින් හා බෑග්වලින් විටින් විට මුදල් නැතිවන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

එබැවින් අඳාළ කොට්ඨාසයේ රහසිගත කැමරාවක් යොදවා සොරකම් කරන අය සොයා ගැනීමට සැලසුමක් යොදා ඇත.

එහිදී මේසයක් මත මුදල් පසුම්බියක් තබා ඉන් මුදල් ගන්නා පුද්ගලයා නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව මෙම කොට්ඨාසයටම අනුයුක්ත පොලිස් කොස්තාපල් රියැදුරකු මුදල් පසුම්බිය විවර කර ඉන් රුපියල් සියයක මුදලක් සොරකම් කරන ආකාරයත් නිරීක්ෂණය වී තිබෙන බව පවසයි.

ඒ අනුව සැකකාර නිලධාරියා ඔහු නවාතැන් ගන්නා මරදාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි කාමරයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර සැකකාර නිලධාරියා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරියා පෙරේදා (14 වැනිදා) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙන අතර ඔහුගේ වැඩ තහනම් කිරීමටද සී.සී.ටී.වී. කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව පවසයි.

පාකිස්ථානය ආසියානු කුසලානයෙන් ඉවත් වෙයිද?

පාකිස්ථානය ආසියානු කුසලානයෙන් ඉවත් වෙයිද?

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්