2019 වල්පොල කාන්තා ඝාතනයේ වරදකරු පලා යයි- මරණ දඬුවම හිමිවූ සැකකරු ගැන තොරතුරක් ඇත්නම් වහාම කියන්න
By Kanchana
2019 වසරේ සිදු වූ මිනීමැරුම් නඩුවකට අදාළව මරණ දඬුවම නියම වී සිටින රාගම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු සොයා ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටී.
රාගම පොලිස් කොට්ඨාශයේ වල්පොල ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පසු මීගමුව මහාධිකරණය මරණ දඬුවම නියම කළේය. වරදකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන යටතේ මෙම දඬුවම නියම කරන ලදී.
ඔහු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත. තොරතුරු ඇති මහජනතාවට පහත අංක හරහා පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත.
OIC, Ragama 2 — 0718591604 OIC
Crime Division — 0719627561