සූරියකන්ද පොලිස් නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් පිළිතුරු නිවේදනයක්

Report

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කළ නිලධාරියා සහ ඔහුගේ බිරිඳ මාධ්‍යට ලබාදුන් ප්‍රකාශයන්ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ නිලධාරියාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකළ බවටත්, පහරකාරයන් අත්අඩංගුවට ගෙන නැති බවටත් ඔවුන් ප්‍රකාශ කළ බවයි. නමුත් එම චෝදනා අසත්‍ය බව පොලීසිය අවධාරණය කරයි.

මාලිමා මන්ත්‍රී ශාන්ත එක්ක ගැටුමෙන් සේවයෙන් පහ කළ පොලිස් කොස්තාපල් යුක්තිය ඉල්ලයි

මාලිමා මන්ත්‍රී ශාන්ත එක්ක ගැටුමෙන් සේවයෙන් පහ කළ පොලිස් කොස්තාපල් යුක්තිය ඉල්ලයි

සිද්ධිය සිදු වූ පසුගිය දෙසැම්බර් 20 වැනිදා රාත්‍රියේ කොළොන්න පොලිස් ජංගම රාජකාරි නිලධාරීන් ස්ථානයට පැමිණ මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත්, නිලධාරියාගේ යතුරුපැදිය ස්ථානයේම තිබී භාරගෙන ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් නිලධාරියාට අධිකරණ වෛද්‍ය පෝරමයක් නිකුත් කර ඇති අතර, නිලධාරියා, ඔහුගේ බිරිඳ සහ තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කොළොන්න පොලිසිය සහ ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන පවත්වාගෙන යන අතර, මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව චෝදනා එල්ල වන පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සාක්ෂිකරුවන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිද්ධිය සිදු වූ ස්ථානය අසල නිවසක ආරක්ෂක කැමරා (CCTV) දර්ශන ලබාගෙන ඇති අතර, එම නිවැසියාගේ ප්‍රකාශයද සටහන් කර ඇත.පසුගිය 22 වැනිදා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බවත් පොලීසිය නිවේදනය කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන චෝදනා එල්ල වී ඇති නමුත්, පොලීසිය ස්වාධීන විමර්ශනයක් සිදුකරන බව තහවුරු කෙරේ. 

කොළොන්න සිද්ධිය වැඩිදුර වාර්තාව by poornima