බීජිං නුවර උණුසුම් වෙයි - පාකිස්ථාන අගමැති චීනයට
පාකිස්තාන අගමැති මුහම්මද් ශෙහ්බාස් ශරීෆ් මහතා නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන අගමැතිවරයාගේ ආරාධනයකට අනුව, ඔහු එළඹෙන 23 වැනිදා සිට 26 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය අද (21) නිවේදනය කළේය.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ චියා කුන් මහතා සඳහන් කළේ, මෙම සංචාරය චීනය සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 75ක් සපිරීම සනිටුහන් කරන විශේෂ රාජ්‍ය නායක මට්ටමේ හුවමාරුවක් බවයි.
සංචාරය අතරතුර පාකිස්තාන අගමැතිවරයා චීන ජනාධිපතිවරයා සහ චීන අගමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
දෙරට අතර ආර්ථික සහයෝගිතාව, ආරක්ෂක සබඳතා, කලාපීය ස්ථාවරත්වය සහ චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.