සේල්වල වාහන ගොඩ ගහන්න දෙන්න බෑ - වාහන ප්‍රශ්නේ උඩු දුවද්දි ණයවර ලිපි විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි [VIDEO]
වාහන ආනයනයේ දී රේගු ආනයන බද්දට 50%ක අධිභාරයක් පැනවීමට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතිද යන්න රජය සොයා බැලිය යුතු බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගෝ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව කොළඹදී අද (21) දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ, රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම නිසා වාහන මිල ද ඉහළ යන බවයි.
එසේම වාහන ආනයනයේ දී මෙසේ අධිභාරයක් පැනවීම තුළින් වාහන අලෙවිකරුවන්ට තමන් සතුව පවතින වාහනවලින් අධික ලාභයක් ලබා ගැනීමට හැකි වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කළා.
ඩොලරයට සාපෙක්ෂව මෙරට රුපියලේ කඩා වැටීමත් සමඟ ඊට යම් පිළියම් වශයෙන් ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බද්දට, 50% ක අධිභාරයක් පැනවීමට ඉකුත් දා කටයුතු කළා.
එහෙත් එම අධිභාර බද්ද පැනවීමට පෙර මෝටර රථ 4,000 ක් සඳහා සමාගම් දෙකක් ණයවර ලිපි විවෘත කර තිබෙන බවට සමගි ජනබලවේගයේ දූෂණ විරෝධි බලවේගයේ ජාතික කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා ඉකුත් දා චෝදනා කර තිබුණා.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,