ගිනි අවියක් පත්තු වී පොලිස් නිලධාරියයා රෝහලට
මාලඹේ පොලිස් ස්ථානයේ හදිසි ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබේ. අද උදෑසන ගිනි අවිය පරීක්ෂා කිරීමට යාමේදී අත්වැරදීමක් සිදුවීමෙන් එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙහි දී පොලිස් සැරයන්වරයාගේ හිසට තුවාල සිදුව ඇති අතර, ඔහු ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරන අකාරයට ඔහුගේ තුවාල බරපතළ නොවේ.
මාලඹේ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.