කෝටි දෙකක බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

Report

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් බීඩි එතීමට යොදා ගන්නා තේන්දු කොළ කිලෝ 1500 කට අධික ප්‍රමාණයක් හා භාණ්ඩ තොගයක් පමුණුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

 පමුණුගම උස්වැටකෙයියාව මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට පමුණුගම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව පොලීසිය විසින් සිදු කළ වැටලීමේදී අනාවරණය වී ඇත්තේ ධීවරයින් පිරිස් සැක සහිත ගෝනි තොගයක් ධීවර බෝට්ටුවලට මාරු කරන බවයි.

 එහිදී එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය පියවර ගන්නා ලදි.

පොලීසිය කටයුතු කළේ මෙම ධීවරයින් පිරිස ගොඩබිමට පැමිණීමේදී ඔවුන් පරික්ෂා කිරීමටයි. 

හෙට සිට බස් එකේ යනවා නම් ටිකට් ගන්නේ මෙහෙමයි

හෙට සිට බස් එකේ යනවා නම් ටිකට් ගන්නේ මෙහෙමයි

ඔවුන් පලා යාමට උත්සාහ දරා ඇති අතර පොලිස් නිලධාරීන් අහසට වෙඩි තැබීමක් ද සිදු කර    ඇත..

මෙලෙස ධීවර බෝට්ටු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ වගේම එහි සිටි ධීවරයින් කිහිප දෙනෙකු එම අවස්ථාවේදී පලා ගොස් ඇත.

තවද   ධීවර කටයුතු මුවාවෙන් ඉන්දියාවේ සිට නීති විරෝධීව බීඩි එතීමට යොදා ගන්නා තෙන්දු කොළ මෙරටට රැගෙන එන බව මෙහිදී පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්