හෙට සිට වැසි තත්වයේ වෙනසක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ හෙට දිනයේ සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ බලපෑමෙන් මෙම තත්ත්වය අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි .

එමෙන්ම ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

  එම නිවේදනය අද (23) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

ගිගුරුම් සහිත වැසි ඇති වන ප්‍රදේශ වල එම තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බවයි .

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරන්නේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් ඒ පිළිබද විමසිලිමත් ව කටයුතු කරන ලෙසයි.

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක්

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක්