ලංකාවේ හීන කුමාරයා ඉන්දියාවේ විවාහ වේ - අම්මෝ මනමාලිගේ ලස්සන [PHOTO]
අද දින ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගිලක උත්සව ශාලාවක (23) දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය පැවැත්විණි.
ජීවන් තොන්ඩමන් මහතාගේ මනාලිය වනුයේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලක පැවත එන තරුණියක් වන අතර සීතායි ශ්‍රී නාච්චියාර් නැමති ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියකි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසුවේ ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ උත්සවයට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ එම ආර්යාව, හිටපු මැති ඇමතිවරු රැසක් සහ ඉන්දියාවේ මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටින බවයි.
ඉන්දියාවේ විවාහ මංගල උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ජීවන් තොන්ඩමන් මහතා මෙරටට පැමිණිමෙන් අනතුරුව කොළඹදී සහ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයෙදි හිතවතුන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් විවාහ ප්‍රිය සම්භාශනයක්ද පැවැත්වීමට කටයුතු කර ඇත.













