ප්‍රධාන පොලිස් ස්ථානයකින් කොවිඩ් පොකුරක් මතුවෙයි..

Wellawaya Covid police
By Aruna Jul 28, 2021 09:14 AM GMT
Report

වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් දාහත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිදනය වී ඇති බව අනාවරණය වී තිබේ. එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඒ බව හඳුනාගත් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

එම පොලිස් ස්ථානයේ කාන්තා නිලධාරීනියන් හතර දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඊයේ (27) වැල්ලවාය මූලික රෝහලේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරගෙන ඇත.

එහිදී එම නිලධාරිනියන් හතර දෙනාම කොවිඩ් ආසාදිත බවට අනාවරණය දී තිබේ.

එම නිසා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම නෑදෑයන්ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අද දින යොමුකර තිබුණි.

අද දින වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නෑදෑයන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 96ක් සිදුකර ඇති අතර ඒ අනුව විසි දෙනෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී තිබේ.

ඉන් දහතුන් දෙනෙකු වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් වන අතර අනෙක් හත් දෙනා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය එස්.එච් පියසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දහතුන්දෙනා ද සමග වැල්ලවාය පොලිස් ස්ථානයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now