අයිස් විකුණු පොලිස් කොස්තාපල්ට වැඩ වරදී....ව්‍යාජ හඳුනුම්පතකුත් භාවිත කරලා....

Police spokesman Sri Lanka Police Kurunegala Sri Lanka Drugs
By Hashini Nov 13, 2023 06:12 AM GMT
Hashini

Hashini

Report

ඊයේ (12) විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කුරුණෑගල පොලිස් වසමේ තෙලියාගොන්න පල්ලිය අසල දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එම වැටලීමෙන් කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී වැඩ තහනමට ලක්ව සිටින කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාජ ලෙස සකස් කරන ලද පොලිස් හැදුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 470 සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමඟම ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 8,150.00ක් හා යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසීය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

අයිස් විකුණු පොලිස් කොස්තාපල්ට වැඩ වරදී....ව්‍යාජ හඳුනුම්පතකුත් භාවිත කරලා.... | Police Constable Who Sold Ice අයිස් විකුණු පොලිස් කොස්තාපල්ට වැඩ වරදී....ව්‍යාජ හඳුනුම්පතකුත් භාවිත කරලා.... | Police Constable Who Sold Ice

ReeCha