යාලුවා බේරගන්න මිතුරා පොලිසියට අල්ලස් දීලා.. (PHOTOS)

Sri Lanka Police Sri Lanka
By krishani Dec 04, 2022 07:21 AM GMT
krishani

krishani

Report

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් මිතුරාට සුළු වරදකට නඩු පවරන ලෙසට ඉල්ලමින් පොලිසියට අල්ලස් දීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී ඔහුව අවිස්සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබියදී ඔහුගේ මිතුරෙකු අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමු වී ඔහුට අල්ලස් මුදලක් ලෙස රුපියල් 50,000ක් ලබා දීය හැකි බව යෝජනා කර ඇත. 

එහිදී සැකකරුව සුළු වරදකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඔහු ඉල්ලා සිට ඇත.

අනතුරුව පොලිසිය විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම දැනුවත් කර ඇති අතර, අදාල පුද්ගලයා රුපියල් 25,000ක අල්ලසක් පොලිසියට ලබා දීමට උත්සාහ කිරීමේදී අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුව ගෙන ඇත.

මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර, අල්ලස් ලබා දීමට උත්සහ කළ පුද්ගලයා 32 හැවිරිදි වියේ පසුවන්නන් වේ.

අල්ලස් ලබා දීමට උත්සහ කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

GalleryGallery