පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කොටුවෙයි..
Police
Sri Lanka
Wephan
By Aruna
නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් මත මීරිගම ස්ථාන දෙකක සිදුකළ වැටලීමකදීයි.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ කරුණු ඉදිරිපත් කර එම පුපුරණ ද්‍රව්‍ය ලබාගෙන වෙනත් පාර්ශවයන් සඳහා මුදලට අලෙවි කර ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.
සොයා ගැණුනු පුපුරණ ද්‍රව්‍ය අතර, ග්‍රෑම් 130කට ආසන්න වොටර් ජෙල් කූරු 81ක්, ඇමෝනියා නයිට්ටේ්‍රට් කිලෝග්‍රෑම් 75ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107ක් හා සේවා නූල් මීටර් 360ක් ද වන බවයි පොලස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |