ළමයි දක්ෂ - අදක්ෂ කියලා බෙදන්න බෑ: හැමෝටම තැනක් දෙන නව අධ්‍යාපන විප්ලවය ගැන අගමැතිනියගේ පොරොන්දුව

Report

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාව සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක් බව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවා ය.

මහව, වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (18) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

අභිමානවත් රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගැනේ

අභිමානවත් රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගැනේ

1936 වසරේ පන්සල් පාසලක් ලෙස ආරම්භ වී, පසුව රජයේ පාසලක් බවට පත්වූ මෙම විද්‍යාලය, විවිධ හේතු මත 2004 වසරේදී වසා දැමීමට සිදුව ඇත.

කෙසේ වෙතත් නැවත ආරම්භ කරන ලද මෙම පාසල, අද වන විට සිසුන් 1300ක් පමණ අධ්‍යාපනය ලබන සුවිශේෂී ආයතනයක් බවට පත්ව තිබේ.

එහිදීඋත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවා ය. මෙම පාසල දියුණු කිරීමට රජයේ මැදිහත්වීමට අමතරව ප්‍රදේශවාසීන් සහ පාසල් හිතවතුන් දක්වන කැපවීම අගය කළ යුතුයි.

ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් රිමාන්ඩ්

ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් රිමාන්ඩ්

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාවය සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක්. 2026 වසර වන විට මූලික අවශ්‍යතා නොමැති පාසල් නොතිබිය යුතුයි, ඒ වෙනුවෙන් රජය කඩිනමින් මැදිහත් වනවා.

දක්ෂ හෝ අදක්ෂ දරුවන් ලෙස වර්ගීකරණයක් කරන්න බැහැ. සෑම දරුවෙකුටම යම් හැකියාවක් තියනවා.

එම හැකියාවන් හඳුනාගෙන ඔවුන්ව ඉහළට ඔසවා තැබීම අධ්‍යාපන පද්ධතියේ වගකීමයි. රජය සිදුකරන සියලු ආයෝජනවල අවසාන අරමුණ වන්නේ ප්‍රායෝගිකව සිතන, නිර්මාණශීලී සහ ශක්තිමත් පුරවැසියන් බිහිකිරීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අග්‍රාමිත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ලක්ෂ 376ක වියදමින් ඉදිකිරීමට නියමිත මෙම නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා පන්ති කාමර හයක් සහ කාර්යාලයක් ඇතුළත් වන අතර, එය වසර අවසන් වීමට පෙර ඉදිකර අවසන් කිරීමට නියමිතයි.

මේ අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා හේරත්,මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර,වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් චන්දන වන්නිනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද වයඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්.එම්.අයි.එම්.ඒ.ජින්නා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් ද විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද සහභාගි වූහ

GalleryGalleryGalleryGalleryGalleryGallery