පරවි දුපත තාවකාලිකව වසා දමයි
By Shehan
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ මුහුදේ රළු තත්ත්වය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දුපත ජාතික උද්‍යානය සංචාරකයන්ට තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මුහුදේ රළු ස්වභාවය සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවත්, දූපතට පිවිසීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පරවි දුපත ජාතික උද්‍යාන භාරකරු ආර්.පී.එස්. උඩපෝරුව මහතා පැවසීය.
මුහුදු තත්ත්වය යහපත් වන නිශ්චිත දිනයක් සඳහන් කිරීමට නොහැකි බැවින්, වර්ෂයේ මෙම කාලපරිච්ඡේදයේ සිදුවන සාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවද ඔහු අවධාරණය කළේය.