ඉන්ධන මිල වැඩිවෙයිද ? - ඒ ගැන අලුත්ම කතාව

Corona virus Sri lanka covid 19 petroliom
By Sithumi Jul 15, 2021 05:40 PM GMT
Sithumi

Sithumi

Report

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති ධුරයට පත්වූ විගස ඉන්ධන මිල අඩුකරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර නොමැති බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවැසීය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් තමා නිකුත් කළ ලිපියේ සඳහන් වූයේ ඉන්ධන මිල නැංවීම වැරැදියි කියන කතාව නොව ඉන්ධන මිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයට රට පත් කිරීමට කටයුතු කළ කාරණය පිළිබඳව යැයිද කාරියවසම් මහතා පැවැසුවේය. 

  බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිදුකරන ක්‍රියාදාමයේ යහපත් ප්‍රතිඵලයන් ඉදිරි මාස කිහිපයේදී දැකගත හැකි යැයිද සාගර කාරියවසම් මහතා කීය.

ඉන්ධන මිල අඩු කිරීමට හැකි වූ සැණින් එය අඩු කිරීමට ආණ්ඩුව පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවැසුවේය.