යළිත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යයි?..
ඩීසල් ලීටරයක් රුපියල් 25කින් ද පෙට්ට්‍රල් ලීටරයක් රු. 15-16ත් අතර ඉහල දැමීමට LIOC සමාගම විසින් රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටද මිල ඉහළ දැමීමක් සිදු කළ යුතුව ඇති බවයි.
මෙරට ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව සමාගම රජයට දැනුම් දී තිබේ.
මේ අතර මේ රජය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපල ඇමරිකානු සමාගමක් සතු කිරීමට සැරසෙන බවට තොරතුරු ලැබී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, ලැබී ඇති තොරතුරු අනුව රජය දේපල පැවරීමට සූදානම් වන ඇමරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිටත් පෞද්ගලික ගුවන් යානාවකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවයි.
අද දිනය තුළ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සියලු කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය පසුගිය මස 17 වැනි දා අත්සන් කළ ගිවිසුමේ ම දිගුවක් ලෙස අත්සන් කිරීමට සූදානම් වන්නක් බවටත් ඔහු චෝදනා කරනවා.
රටෙහි ජනතාවට සහ කැබිනට් මණ්ඩලයටත් හොර රහසේ සිදු කෙරෙන මෙම කූට ගිවිසුම් අත්සන් තැබීම සම්බන්ධයෙන් වහාම රටට හෙළි කළ යුතු බවත් එය එසේ නොවන්නේ නම් දින කාල වේලා සඳහන් කිරීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමු වීමට සිදු වන බවක් රන්ජන් ජයලාල් වැඩිදුරටත් පවසනවා.
ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, අදාළ සැලසුම අකුලා නොගන්නේ නම් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව විදුලි බල මණ්ඩලය වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |