පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයින් අත්අඩංගුවට...
Sri Lanka Police
Colombo
Gampaha
Sri Lanka
By Parami Dissanayake
ඊයේ (24) දැරණියගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී දැරණියගල, රස්නක්කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද එහිදී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 57 ත් අතර වයස්වල පසුවන දැරණියගල, කොළඹ, යක්කල,පිළියන්දල, ජාඇල, ගම්පහ, අවිස්සාවේල්ල සහ කළුබෝවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
