පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වය හමුවේ සජිත් බණ කියයි..(VIDEO)
මේ වන විට ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේහිදී පාර්ලිමේන්තුවේ උණුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එහී සජිත් විපක්ෂනායකවරයා ධම්මපදයේ ගාථාවකින් ආණ්ඩු පක්ෂයට පිළිතුරු දීම විශේෂත්වයක්.
එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක් අද උදෑසන ආරම්භ කළා.
එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතා පා ගමනක් සදහා ඉන්ධන භාවිත කරන විවිධ ක්‍ෂෙත‍්‍රවල පිරිස් හා වාහනද ඊට එක් කරගෙන සිටියා.
අනතුරුව මන්ත‍්‍රීවරුන් පාපැදි සහ කරත්තවලින් පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් කර තිබුණා.
ජනතාව ඉතා අසීරු තත්ත්වයකට වැටී තිබිණ අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම දරාගත නොහැකි තත්ත්වයක් බවද පවසන එම පක්ෂය ඉදිරියේදී රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමටද කටයුතු සූදානම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |