රටේ ජනතාවට බලපාන ප්‍රධාන දෙයක් ගැන අද පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena Shehan Semasinghe Sri Lanka Politician
By Aruna Jan 09, 2024 03:58 AM GMT
Aruna

Aruna

Report

2024 නව වර්ෂයේ පළමු පාර්ලිමේන්තු සභා රැස්වීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව,ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ආයතනවල සේවාවන් විධිමත් කරමින් ගණුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම අරමුණ බවයි.

විශේෂයෙන් ම ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කර ගනිමින් සේවය සපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සිදුවන සේවාවන් ඔවුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම සහිත අධිකාරියක නියාමනය යටතේ සිදු කිරීමට අදාළ ආයතනවලට ද එය පහසුවක් බවයි පවසන්නේ.

විශේෂයෙන් ම දෛනිකව මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සියයට 300 ඉක්මවා ගිය වාර්ෂික පොලී අනුපාත අයකරනු ලැබූ අවස්ථා පිළිබඳ ව ද මීට පෙර වාර්තා වී තිබුණා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ හේතුවෙන් සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල් වැනි තත්ත්වයන් පවතින අතර ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක කරමින් සිටින සේවාවන් පිළිබඳ සලකා බලමින් ඒවායේ සේවාව මෙම කෙටුම්පත මගින් විධිමත් කෙරෙනු ඇති බවයි.

මෙම පනත සම්මත වූ පසු දැනට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්,


Sponsored By Sarrita Jewellery

[W7CJE]

ReeCha