පැන වූ ටියුෂන් තහනම උඩු දුවයි.. නි.ඇමති වහා මැදිහත් වෙයි.. ගත්ත විශේෂ තීරණය මෙන්න..(VIDEO)

Report

පසුගියදා, තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින්, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට නිකුත් කළ චක්‍රලේඛයට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විරෝධය පළකර තිබෙනවා.

ඒ මහතා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..

නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර, ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් චක්‍රලේඛය අත්හිටුවන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දී ඇති බව ය.

ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසු මේ වන විට අදාල තීරණය තාවකාලිකව අත් හිටුවමින් ආණ්ඩුකාරවරයා ලිපියක් නිකුත්කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්?.(VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්?.(VIDEO)

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවේ ය.

ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සඳහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බවට එම චක්‍රලේඛයේ දැක්විණ.

එමෙන්ම, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කර තිබුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබූ අතර මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බව ද එහි සඳහන් කර තිබිණ. 

ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර පහතින්,


You May Like This Video👇 

.