බඩු ගන්න පොළට ගිය ටිකට බයික් වලට විද්ද හතරක් දැලේ..

Report

සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත් අඩංගුවට ගෙන තිබේ.

"සර් මම මිනිහෙක් මරුවා".. විහිළුවක් දුරදිග ගිය තරම..

"සර් මම මිනිහෙක් මරුවා".. විහිළුවක් දුරදිග ගිය තරම..

මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සතිපොල හා සුපිරි වෙළඳසැල් අසල නතර කර ඇති මෙම වර්ගයේ යතුරු පැදි විවිධ ප්‍රදේශ වලින් සොරකම් කර ගාල්ල හා මාතර ප්‍රදේශ වල ස්ථාන දෙකකට අලෙවි කර තිබියදි පොලිසිය සොයාගෙන ඇත. ‍‍

මෙම යතුරු පැදි හිමිකරුවන් අදාළ පොලිසියට කරන ලද පැමිණිලි මත සි.සි ටී.වි දර්ශන පරීක්ෂාවන් ඔස්සේ පොලිසිය විසින් අදාළ පුද්ගලයින් හඳුනාගෙන තිබේ.

රජයේ රෝහල් ගැන භයානක අනාවරණයක් ...

රජයේ රෝහල් ගැන භයානක අනාවරණයක් ...

ඒ අනුව (26) අම්බලන්තොට සති පොල පැවැති දිනයේ ආවේක්ෂණ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන් සැකසහිත එක් පුද්ගලයෙක් ඒ සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අනෙක් පුද්ගලයින් ද අත්අඩංගුවට ගෙන තිබේ. 

You may like this video