"සර් මම මිනිහෙක් මරුවා".. විහිළුවක් දුරදිග ගිය තරම..
උසුළු විසුළු කිරීමක් දුරදිග යාමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබෙනවා.
මුන්දලම පොලිසිය පැවසුවේ ඊයේ (26)පස්වරුවේ මෙම ඝාතනය සිදු ව ඇත්තේ මංගලඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යන්න ඉස්සන් ගොවිපොළක් තුළ බවයි.
ඝාතනයට ලක් ව ඇත්තේ යටියන්තොට – කඹුරුමුල්ල පදිංචිකරුවෙකු වන රාජේන්ද්‍ර ජයසේකර නම් 38 හැවිරිදි පුද්ගලයෙක්. කැකිරාව – පලාගල පදිංචි 45 හැවිරිදි තැනැත්තෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහ මරණකරු යන දෙදෙනා ම ඉස්සන් ඇති කරන ගොවිපොළක සේවය කරමින් සිට ඇති බවත් දහවල් කාලයේ එක් ව මත්පැන් පානය කර ඇති බවත්; මියගොස් ඇති තැනැත්තා සිය මිතුරාට උසුළු විසුළු කිරීම මෙම ඝාතනයට හේතුව බවයි වාර්තා වන්නේ.
ඝාතනය සිදුවීමෙන් අනතුරුව සැකකරු විසින් ම මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.
මුන්දල පොලිසිය සිද්ධිය වූ ස්ථානයට යන විට ද ඝාතකයා මෘතශරීරය අසල සිටි බවයි පැවසෙන්නේ.
You may like this video