හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්?.(VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ISIS ත්‍රස්තයින්ගේ මෙන් ම එල්.ටී.ටී.ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවටයි.
නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..
බිත්තර සුදු මදෙයි කහ මදෙයි එක වගේ නෑ.. හැමදාම කන එක හොඳයි ද?. කෑවට මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?.
ඒ අනුව ඒ මහතා පෙන්වා දෙන්නේ අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු 05 වැනි විධායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ලබා දී සිටි ඉතිරි හමුදා නිලධාරීන් ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉවත් කරන ලද බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාර සිටි පොලිස් අධිකාරි එම්. එස් ඩී වික්‍රමසිංහ මහතා විසින් ද 2024 ඔක්තෝබර් මස 10 වැනි දින ප්‍රභූ ආරක්ෂක කමිටුව විසින් ඉල්ලන ලද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවටත් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ලබා දෙන ලෙස පැවසූ වාර්තාව යොමු කරනු ලැබුවා.
එම වාර්තාවේ දක්වා ඇත්තේ ලැබී ඇති බුද්ධි අංශ තොරතුරු 13ක් මත මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය විනාශ කිරීමට ඩ්‍රෝන සමග එක් කළ බෝම්බ ප්‍රහාරයක් ද සූදානම් කර ඇති බවයි.
එය ISIS ත්‍රස්ත සංවිධානය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවටත් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු 04ක දැක්වෙනවා.
එමෙන්ම, එයට අමතරව එල්.ටී.ටී. ඊ සහ පාතාල කල්ලි වෙතින් ද හිටපු ජනාධිපතිවරයා වෙත දරුණු ගණයේ ජීවිත තර්ජන එල්ල වී ඇති පසුබිමක පොලිස් ආරක්ෂාවක් පමණක් යොදවා සන්නද්ධ දැනුමින් සහ අත්දැකීමෙන් සපිරි හමුදා නිලධාරීන් රජයට වැඩි පිරිවැයක් යැයි පවසමින් ස්ථාන මාරු කර කඳවුරු වෙත යැවීම සිදු කළ ද රජයට ආදායමක් නොලැබෙන බව නීතිඥ මනෝජ් ගමගේ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, එම යුද හමුදා නිලධාරීන් යුද හමුදා කඳවුරු වෙත යැවුව ද ඔවුන්ට ලබා දිය යුතු වැටුප් සහ පහසුකම් අඛණ්ඩ ව සැපයිය යුතු බවත් හෙතෙම ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
You May Like This Video👇
.