රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)
ඇඹරැල්ලා කියන්නේ සාමාන්‍යයෙන්ම අපි හැමෝම වගේ කන පලතුරක්නේ.
මේක ඉතින් පළතුරක් විදිහට වගේම ව්‍යංජනයක් විදිහටත් අපි ආහාරයට ගනු ලබනවා.
මෙහි ෆයිබර්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, පොස්පරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, විටමින් A, B සහ C වැනි පෝෂක රාශියක් අන්තර්ගත වෙලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි මේ තරම් දවස් ඇඹරැල්ල කෑවට ඒකට තවත් නමක් තියෙනවා කියල දැනගෙන හිටිය ද?.
ඔව් ඇඹරැල්ලා වලට රත්තරං ඇපල් එහෙමත් නැත්නම් golden apple කියලත් හඳුන්වනු ලබනවා.
ඉතින් අපි රස කර කර ඇම්බරෙල්ලා කෑවට ඇඹරැල්ලා කන එකෙන් අපේ සෞඛ්‍යට මොනවද වෙන්නේ කියලා දැනගෙන හිටිය ද?.
අන්න ඒ නිසා අද අපි ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි මොනවද කියලා බලමු,
1. ඉක්මනින් වයසට යාම වැලැක්වීම.
විටමින් C වලින් පොහොසත් ඇඹරැල්ලා ඉක්මනින් වයසට යාමේ ලක්ෂණ පාලනය කරන්න ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබනවා .මෙය ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකර සූර්ය විකිරණ, පරිසර දූෂණය සහ දුම්පානය වැනි හේතුන් නිසා ඇතිවෙන නොමේරූ වයස්ගත වීම පාලනය කරන්න බෙහෙවින් උපකාරී වනු ලබනවා.
2. ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සඳහා.
ඇඹරැල්ලා වල අඩංගු ජලය සහ තන්තු විජලනය වළක්වා බඩවැල් පිරිසිදු කිරීමට දායක වනු ලබනවා.මේ මඟින් මළ බද්ධය ආශ්රිත රෝග ලක්ෂණ වැළක්වීම ද සිදු වෙනවා.ඉතින් ඔබට මළබද්ධය නිසා ඇතිවෙන ලිහිල් මළපහ ලක්ෂණ තියෙනව නම් ඇඹරැල්ලා වල අඩංගු තන්තු වලට එම තත්වය වළක්වන්නත් හැකියාව තියෙනවා.මේ වට අමතරව මේ තන්තු රුධිර පීඩනය සහ කොලෙස්ටෙරෝල් අඩු කරන නිසා හෘද සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගන්නත්, දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් ප්‍රතිරෝධය පවත්වා ගන්නත් උපකාරී වනු ලබනවා .
3. දරාගැනීම වැඩිකර ගැනීම සඳහා.
ඇඹරැල්ලා වල සුක්රෝස් ලෙස ගබඩා වෙලා තියෙන සීනි අන්තර්ගත වනු ලබනවා. විශේෂයෙන්ම බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ආහාර වේල තුළ මේ ස්වභාවික කාබෝහයිඩ්රේට් ඇතුළත් වීම ඉතාම වැදගත් වන්නෙ ඉක්මණින් දහනය වී ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබාදීම ඒ මඟින් සිදුකරන නිසයි.ඉතින් ඇඹරැල්ලා ආහාරයට ගැනීම අපගේ සිරුරේ දරාගැනීම ශක්තිය වදිකරවීමට උපකාරී වනවා.
4. දැවිල්ල සමනය කිරීම සඳහා.
ඇඹරැල්ලා ගස් වල පොතු අතීසාරය, බඩ දැවිල්ල සහ දැවිල්ල නිසා ඇතිවෙන උගුරේ අමාරුව වැනි තත්ව සඳහා වෛද්‍ය නිර්දේශ සහ ක්‍රම අනුව භාවිතා කිරීම සිදුකරනු ලබනවා.
පහත වීඩීයෝවෙන් වැඩිවිස්තර දැනගන්න,
You May Like This Video👇