ශාරුක් ඛාන්ගේ දැවැන්ත හය ප්‍රීති සින්ටාගේ පිළට ජය ගෙන එයි
ඉන්දීය ප්‍රිමිය ලීග් තරගවලියේ තවත් තරගයක් ඊයේ පැවැත් වුණා. ඒ සුරූපී බොලිවුඩ් නිලි ප්‍රීති සින්ටා හිමිකාරිත්වය දරණ පන්ජාබ් කිංග්ස් සහ ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.
තරගාවලියේ 45 වන තරගය ලෙස පැවති මෙම තරගයේ ජය කඩුලු 05කින් හිමිකරගන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණේ තරගාවලිය තවත් තියුණු මුහුණුවරකට රැගෙන යමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී වෙන්කටේෂ් අයියර් ලකුණු 67ක් සහ රාහුල් ට්‍රිපාති ලකුණු 34ක් රැස්කළ අතර නිතිෂ් රානා වේගවත් ලකුණු 31ක් රැස්කරමින් කොල්කටා ඉනිම ලකුණු 165 සීමාවට රැගෙන ආවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කිංග්ස් ක්‍රීඩකයින් පන්දුවාර 19යි පන්දු 03ක් තුළ නියමිත ඉලක්කය පසුකර ගියේ කඩුලු 05ක් පමණක් දැවී තිබිය දීයි.
එහිදී ලෝකේශ් රාහුල් සහ මයාන්ක් අග්‍රවාල් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පන්ජාබ් ජයග්‍රහණය සඳහා පැහැදිලි මාවතක් සකසා දුන්නා. පන්ජාබ් ඉනිමේ අවසන් භාගයේ ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ශාරුක් ඛාන් දැවැන්ත හයේ පහරකින් සිය කණ්ඩායමට ජයග්‍රහණය රැගෙන ඒමට සමත් වුණා.
ඔහු පන්දු 09කින් දැවැන්ත හයේ පහර 02ක් සහ එක් හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 22ක් රැස් කළා. මෙම තරගයෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන සහ පස්වන ස්ථානයන් හී පිළිවෙලින් කොල්කටා සහ පන්ජාබ් කණ්ඩායම් රැඳී සිටින්නේ දෙපිළම මෙතෙක් සහභාගී වූ තරග දොළහෙන් තරග 07 බැගින් ජය ගනිමිනින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
