රජයෙන් දෙන කෑම කාලා දරුවන් හැටකට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරේ

Report

පාදුක්ක වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් හැටකට ආසන්න පිරිසක් උදෑසන ආහාරයෙන් පසු ඇතිවූ අසාත්මිකතාවකින් පීඩා විඳිමින් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙකුගේ තොරතුරු අනුව, රෝහල්ගත දරුවන්ගෙන් කීප දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, තවත් හතළිහකට ආසන්න පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, දරුවන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බවත් දැනුම් දුන්නේය.

අධිකරණ වෛද්‍ය සේවාවන් මගින් තවදුරටත් විමර්ශනයක් සිදුවන අතර, පාසලේ ආහාර සැපයුම් ක්‍රියාවලිය පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය. දරුවන්ගේ තත්ත්වය ස්ථාවර බව රෝහල් ප්‍රකාශකයෙකු දැනුම් දුන්නේය.

බිත්තර මිල රු. 10කින් පහතට

බිත්තර මිල රු. 10කින් පහතට

බිමල්ව වරායෙන් අයින් කළේ කන්ටේනර් කේස් එක නිසාද? ශානකියන් කෙලින්ම අහයි

බිමල්ව වරායෙන් අයින් කළේ කන්ටේනර් කේස් එක නිසාද? ශානකියන් කෙලින්ම අහයි

සමාජ මාධ්‍යවල පළ කරන නොමඟ යවන සටහන් ගැන කොළඹ විශ්ව විද්‍යාලය අනතුරු අඟවයි

සමාජ මාධ්‍යවල පළ කරන නොමඟ යවන සටහන් ගැන කොළඹ විශ්ව විද්‍යාලය අනතුරු අඟවයි