සමාජ මාධ්‍යවල පළ කරන නොමඟ යවන සටහන් ගැන කොළඹ විශ්ව විද්‍යාලය අනතුරු අඟවයි
කොළඹ විශ්වවිද්‍යාලය, එහි නම අනිසි ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍යවල පළවන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳ නොමඟ යවන සුළු පළකිරීම් ගැන මහජනතාවට අනතුරු ඇඟවීය.
නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාලය පැවසුවේ, මෙම පළකිරීම් එහි කීර්තිනාමයට හා රෝගීන්ගේ ආරක්ෂාවට බරපතල බලපෑමක් ඇති කරන බැවින්, නොමඟ යවන තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගන්නා බවයි.
“පර්යේෂණ හා සංවර්ධන කටයුතු ගැන මහජනතාව දැනුවත් කිරීම සිදුවන්නේ විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණි. ඖෂධීය ගුණ විමර්ශනය කරන පර්යේෂණ ඇතත්, ඒවා තවමත් සායනික අත්හදා බැලීම් හෝ ඖෂධ ලියාපදිංචි අදියරට ළඟා වී නැත. එබැවින් ඒවා ඖෂධ ලෙස සැලකිය නොහැක”
යනුවෙන් විශ්වවිද්‍යාලය සඳහන් කළේය.

මාලිමාවේ ඇමතිලට හරියට වැරදෙනවා එක්කෙනෙක් 225ක් වැහුනලු අනිත් කෙනා පැනලා නොබෙල් කියන්න ගිහින් කෙළෝ ගත්තා - චාමර
රෝගීන්ට සුදුසුකම් ලත් වෛද්‍යවරුන් නියම කරන ලියාපදිංචි ඖෂධ පමණක් භාවිතා කරන ලෙස උපදෙස් දුන් විශ්වවිද්‍යාලය, පර්යේෂණ හා නවෝත්පාදනවලදී ඉහළ සදාචාරාත්මක හා වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගන්නා බව අවධාරණය කළේය.