තැපැල් කාර්යාල විවෘත කිරීම දින කිහිපයකට සීමා කෙරේ..

covid19 post office currier H.Hewage EMS
By Sewvandhi Aug 09, 2021 12:41 PM GMT
Report

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මහජන සේවා සැපයීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් විවෘත කර තැබෙන බව වැඩබලන තැපැල්පති එච්. හේවගේ පවසනවා.

එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුව මඟින් ඉටුකරනු ලබන ඊ.එම්.එස් ජාත්‍යන්තර කුරියර් සේවාව, ස්පීඩ් පොස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා යන්ත්‍ර අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now