මහනුවර කළු පාලමේ වැඩ නවති - මහනුවර කෝච්චිය තවත් ප්‍රමාදයි

Report

පසුගිය දිට්වා සුළි කුණාටුව හා අධික වර්ෂා ජලය හේතුවෙන් මහවැලි ගඟ හරහා ඉදි වූ වසර 150කට ආසන්න පැරණි කළු පාළමට (යකඩ පාළම) දැඩි හානි සිදු වී ඇති අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේ නවතා දමා ඇතැයි වැඩබිම් ආරංචි මාර්ග වාර්තා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, ඇති වූ ගැටළු සහ භාරව සිටි ඉංජිනේරුවන්ගේ ගැටලු   නිසා වැඩ නවතා දැමීමට සිදු වූ බවයි.

පයාගල දරුණු අනතුරින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

පයාගල දරුණු අනතුරින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

විශේෂයෙන්, පාළමේ ආධාරක කුළුණුවල සවි කර ඇති ඉපැරණි ගල් ඉවත් කිරීමට විද්‍යා දෙපාර්තමේන්තුව අවසර නොදීමත් මෙම ප්‍රමාදයට හේතුවක් වී තිබේ.

ඉදිකිරීම් ආයතන, රාජ්‍ය නිලධාරින් සහ ඉංජිනේරුවන් දිවා රාත්‍රී නොබලා වැඩ කළ වුවද, ඇතිවී තිබෙන තත්ත්වය නිසා මැයි සහ ජූනි මාසවලදී පාළමේ වැඩ අවසන් කිරීම ප්‍රමාද විය හැකි බව නිලධාරීවරු සඳහන් කර සිටී.

මෙම හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ දුම්රිය ධාවනය රඹුක්කනට පමණක් සීමා වී ඇති බව වාර්තා වේ.

කණ්ඩලම ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතයි

කණ්ඩලම ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතයි