අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ නිතීඥවරයා රිමාන්ඩ්

Report

කුප්පි ලාම්පුවක් දල්වාගෙන කෙසෙල්වත්ත, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු ගොඩනැගිල්ලක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු, කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් නීතිඥවරයාගේ සන්තකයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක්, කුඩා වීදුරු කැබැල්ලක්, බටයක් ආකාරයෙන් සකස් කළ රුපියල් 20ක නෝට්ටුවක්, උපත් පාලන කොපු 06ක්, ළදරු තෙල් බෝතලයක්, නීතිඥ හැඳුනුම්පත සහ පොලිස් භාරයට ගත් දේවල් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා පරාජය ගැන සංගාගෙන් සටහනක්

ශ්‍රී ලංකා පරාජය ගැන සංගාගෙන් සටහනක්

කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට ලද රහස් තොරතුරක් අනුව, පාළුවට ගිය අඳුරු ගොඩනැගිල්ල තුළ නීතිඥවරයා මත්ද්‍රව්‍ය පානය කරන අයුරු පරීක්ෂා කිරීමේදී වාර්තා වී ඇත.

මහනුවර කළු පාලමේ වැඩ නවති - මහනුවර කෝච්චිය තවත් ප්‍රමාදයි

මහනුවර කළු පාලමේ වැඩ නවති - මහනුවර කෝච්චිය තවත් ප්‍රමාදයි